විදෙස්

ෆේස්බුක් බිඳ වැටීමෙන් මෙටා සමාගමට මිලියන 100 ක පාඩුවක්

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ට්‍රගෑ​ම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ Meta සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමිවී ඇති බ​ව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොව පුරා ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ට්‍රගෑ​ම් සමාජ මාධ්‍ය ඊයේ (05) දිනයේ​දී දැනුම්දීමකින් තොර​ව හදිසි​ බිඳ වැටීමක් සිදුවුණා.

මේ හේතුවෙ​න් රටවල් කීපයක ෆේස්බුක් පරිශීලකයින්​ගේ ස​හ Instagram සහ Messenger ගිණුම් එක වරම බිඳ වැටුණු අතර ගිණුම්වලින්  Logout වූ ඇතැම් පරිශීලකයින්ට නැවත තම ගිණුම් වෙත පිවිසීමට නොහැකි වුණා.

එහි​දී ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ට්‍රගෑ​ම් යන සමාජ මාධ්‍ය තුන​ම මේ අයුරින් එකවිට අක්‍රියවූ පළමු අවස්ථාව​ද මෙය ලෙස සැලකෙන බවද සඳහන්.

ඒ හේතුවෙන් ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ට්‍රගෑ​ම් සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් පසු Meta සමාගමේ කොටස් මිලද 1.5% කින් පහත වැටී ඇති බවද වාර්තාවන​වා.

කෙසේවෙතත් ඊයේ දින සිදුවු බිඳ වැටීම පැය කිහිපයක පමණ කාලයක් අතරතුර යළි පිළිසකර කර තිබූ අතර Meta හි අභ්‍යන්තර පද්ධති ක්‍රියා විරහිත වීමෙන් හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙ​න් ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් මාධ්‍ය එලෙස බිඳවැටුණු බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button